கஹடோவிடவின் அன்றாட நிகழ்வுகளை எமது இணையத்தளத்துடன் நீங்களும் பகிர்ந்துகொள்ள விரும்பினால், தொடர்புகொள்ள வேண்டிய ஈமெயில் முகவரி kahatow@gmail.com தொடர்புகளுக்கு: kahatow@gmail.com

கௌரவ அரஜுன ரணதுங்க அவர்களின் முகநூல் பக்கத்திலிருந்து.

කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මුල්ගල තැබීමේ උත්සවය- 2015/09/16


ජාත්‍යන්තරය හා සැසඳෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටට අවශ්‍ය බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින අඬුලුහුඩුකම්වලට වහා පිළියම් යෙදිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා කියා සිටී. එතුමා මේ බව අද (19) ප්‍රකාශ කළේ කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

“මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේත් පැහැදිලි දර්ශනයක් තියෙනවා මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න. පසුගියකාලේ දේශපාලනීකරණය වී තිබුණු අධ්‍යාපනය වෙනස් කරලා ජාත්‍යන්තරයේ ඕනම තැනකට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න මේ දෙපළ එකතු වෙලා ඉන්නවා. පසුගිය කාලේ අධ්‍යාපනයට ඉතාම සුළු මුදලක් වෙන්කරලා තිබුණේ. නමුත් අපි ආණ්ඩුව භාරගත්තට පස්සේ තීරණයක් අරන් තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල රජයෙන් වැඩි කරලා අවශ්‍ය පහසුකම් ගමේ සිටින දරුවන් වෙනුවෙන් ලබාදෙන්න. දැන් වනවිට අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වියයුතු කාලයක් ඇවිත් තියෙනවා. අද ජාත්‍යන්තරයට යා හැකි ජාත්‍යන්තරය හා එකට ගැටෙමින් ඉදිරියට මහුණ දිය හැකි ක්‍රමවේදයක් මේ රට තුළ ඇති විය යුතුයි. ඒ සඳහා දැන් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට අලුත් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.....” යැයිද මෙම උත්සවයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.
කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලය ආරම්භ කළේ 1954 වර්ෂයේදී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ අනුග්‍රහයෙනි. සාමාන්‍යපෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදු කෙරෙන මෙම පාසලේ දැනට ශිෂ්‍යාවෝ 1000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරති. ඉදිරියේදී උසස් පෙළ සඳහා වූ පහසුකම් මෙම පාසලට ලබා දීමටද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ අවාධානය යොමු වී තිබේ. අර්ජුන රණතුංග අමාත්‍යතුමා අවධාරණය කරන්නේ ගමේ පාසල් දියුණු කිරීමෙන් නගරයේ පාසල්වල තදබදය අවම කර ගත හැකි බවයි. කහටෝවිට මුස්ලිම් බාලිකා විද්‍යාලය නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයට කුවේට් රාජ්‍යයේ තානාපති යෙකූබ් යුසෙෆ් අල් අතීක් මහතාද එක්විය







0 comments:

Post a Comment