இனத்துவேசத்தை வளர்க்க முட்படும் திவயின சிங்கள நாழிதழ்.
இலங்கை அரசால் அனுமதியளித்துள்ள பஞ்சாபி வகையான உடையை அணிந்து சென்ற நாவல ராஜகிரிய ஜனாதிபதி வித்தியாலய முஸ்லிம் மாணவிக்கு நடந்த இனவாத சம்பவத்தை மிக மோசமாக சித்தரித்து ஆசிரயா் தலையங்கத்தை வெளியிட்டிருக்கிறது தியவயின் சிங்கள நாழிதழ். இவ்வாக்கம் 07.04.2014 ஆம்திகதிய ஆசிரிய தலையங்கமாக பிரசுரிக்கப்பட்டிருக்கிறது.
அவ்வாக்கத்தை இங்கு தருகிறோம். எமது அதிருப்தியையும் எதிர்ப்பையும் நல்ல முறையில் சிங்கள நாழிதழான திவயினவுக்கு நாம் எடுத்துக் கூறுவது எமது கடமையாகும். கட்டுரையை எழுதியவா் மனோஜ் அபய தீர என்பவராவார். ஆசிரியா் பீட தொலைபேசி எண் 0112344253
ගවුමෙන් ගිනි තැබීම සහ ගවුමට ගිනි ගැනීම
විනය පටන් ගන්නේ ඇඳීමෙනි. කෙනකු පාරේ යන විට මාර්ග නීති කොතරම් ආරක්‍ෂා කළද, උපාසකයකුටත් වඩා හෙමින්, ඊටත් වඩා හොඳින් බිම බලාගෙන ගමන් කළ ද ඔහු හෝ ඇය යන්නේ හෙළුවෙන් නම් ඉන් හටගන්නා ජංජාලය අති මහත් ය. අප ජීවත් වන්නේ නිරුවත්
සමාජයක නම් ඇඳුම් අඳින විට විනය කැඩෙයි. එහෙත් අප ජීවත්වන්නේ ඇඳුම් අඳින සමාජයක නිසා හෙළුවෙන් ඇවිද්දොත් විනය කැඩෙයි. විනය කැඩෙන්නේ එපමණකින්ද? නැත. සම්මත ඇඳුමකින් ඔබ්බට යන ඇඳුමකින් ද විනය කැඩෙයි. හැමෝම ළමා සාරි අඳින තැනක කලිසම් කමිස ඇඳගෙන එකියක පැමිණියොත් එතැනදී විනය අවුල් වන්නේ ය. මේ කරුණු ස්‌වල්පය පාඨකයාට මතක් කර දී ඇඳුමක් නිසා මේ රට ගිනි ගැනීමට ගිය තීරණාත්මක අවස්‌ථාවක් ගැන සිහිපත් කරමින් අද කතුවැකිය පටන් ගනු ලැබේ.
නාවල ජනාධිපති බාලිකා විදුහලෙහි මේ දිනවල ප්‍රශ්නයක් තිබේ. තුන්දහසක සිසුවියන් පිරිසක් සිටින මෙහි මුස්‌ලිම් දැරියෝ 30 ක් ඉගෙනුම ලබති. එහි අනුපාතය සියයට දශම 0.01 කි. ඒ සමඟම දෙමළ දැරියන් 8 දෙනෙක් සහ කතෝලික දැරියන් 20 දෙනෙක් ද මෙහි ඉගෙනුම ලබති. මේ සියලු දෙනාටම පොදු Dress Code එකක් හෙවත් ඇඳුමක් තිබේ. ඒ වූ කලී හතරැස් කර සහිත, දණහිසෙන් පහතට වැටෙන සුදු ගවුම ය. පසුගිය දිනෙකදී මේ පාසලේ මුස්‌ලිම් ශිෂ්‍යාවක්
සුදු දිග කලිසමක් ඇඳ ඊට උඩින් පාසල් ගවුම ඇඳ කරට දිග රෙද්දක් හෙවත් "ෂෝල්" එකක් දමාගෙන පැමිණියා ය. (මෙයට පන්ජාබ් ඇඳුම යයි කිව හැකි ය.) එය පාසලේ Dress Code එකට හෙවත් සම්මත ඇඳුමට ඉඳුරාම පටහැනි ඇඳුමකි. මේ නිසා විදුහල්පතිනියගේ ඉල්ලීම මත, දැරියගේ එකඟත්ත්වයට අනුව දැරිය විසින්ම ආවරණය වූ ස්‌ථානයකදී ෂෝල් එක සහ දිගු කලිසම ඉවත් කරයි. මෙතැන් සිට ඇය නැවත වරක් හතරැස් කර සහිත ගවුම අඳින සම්මත Dress Code එකට ගරු කරන ශිෂ්‍යාවක් බවට පත්වෙයි. ඇය ගෙදර ගිය විට ඇගේ මව සිද්ධියෙන් උරණව විදුහල්පතිනියට එරෙහිව නඩු දමයි. (මේ පිළිබඳ සම්පූර්ණ ලිපියක් ඉරිදා (06 දා) "දිවයිනේ" පළ වී ඇත.)
කිසිදු බරක් පතලක් නැති අහිංසක මුස්‌ලිම් දැරියට පන්ජාබ් ඇඳුමක් අන්දවා පාසල් එවීමට ඇගේ ගෙදර උදවිය ගත් පියවර ඉතාම අනවශ්‍ය වැඩකි. මෙය සමාන කළ හැක්‌කේ අශූචි ගොඩක් අසලට ගොස් එය අශූචි බව හඳුනා ගැනීම සඳහා අනුභව කර බැලීමට ය. මෙය ඉතා සංවිධානාත්මක ලෙස කළ කඩාකප්පල්කාරී වැඩකි. සෞදි අරාබියේ වෙසෙන සිංහල තරුණියක් දණහිසෙන් අඟල් 6 ක් ඉහළින් පිහිටි සායක් සහ අත් නැති ස්‌කිනි එකක් ඇඳගෙන පාරේ ගියොත් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? ඒ රටේ පාසලක උගන්නා සිංහල දැරියක් පන්ජාබ් ඇඳුමින් පරිබාහිරව සුදු ගවුමක් ඇඳගෙන පාසලට ගියොත් පළාතටවත් වැද්දගන්නේ නැතිවා පමණක් නොව පාසලට එන මග දිගේදී ද ඇයට ගල් පහරවල් කන්නට සිදුවන බව ඉහත කී මුස්‌ලිම් දැරියගේ මව දන්නේද? තම දරුවා පාවිච්චි කර ජාතිවාදී සහ ආගම්වාදී ගින්නක් ඇවිලවීමට ඇය උත්සාහ කරන්නේ ඇයි? මෙය කා විසින් කාට දෙන ලද කොන්ත්‍රාත්තුවක උප කොන්ත්‍රාත්තුවක්‌ද? ගවුමක් මගින් සමාජයක් ගිනි තැබීමට කිසිවකු දරන උත්සාහයක් වෙත්a ද එය ඉතා පහත් සහ නීච උත්සාහයක් බව යෝජනා කරමු. අප නිවැරැදිද නැද්ද යන්න පිළිබඳ තීන්දුව පාඨක ඔබ සතු ය.

0 comments:
Post a Comment