கஹடோவிடவின் அன்றாட நிகழ்வுகளை எமது இணையத்தளத்துடன் நீங்களும் பகிர்ந்துகொள்ள விரும்பினால், தொடர்புகொள்ள வேண்டிய ஈமெயில் முகவரி kahatow@gmail.com தொடர்புகளுக்கு: kahatow@gmail.com

முதலமைச்சா் பதவி இல்லாவிட்டால் ஆட்சிக் கவிழ்ப்பு!

ஓகஸ்ட் மாதத்திற்குள் கிழக்கு மாகண சபையின் முதலமைச்சா் பதவியை முஸ்லிம் காங்கிரஸுக்கு வழங்காவிட்டால் ஆட்சியைக் கவிழ்க்கப்போவதாக சிறி லங்கா முஸ்லிம் காங்கிரஸின் தலைவா் ரவுப் ஹகீம் எச்சரித்துள்ளதாக “மவ்பிம“ சிங்களப் பத்திரிகையின் ஞாயிற்றுப் பிரதியில் செய்தி வெளியாகியுள்ளது. 


  

கடந்த மாகாண சபைத் தோ்தலின் பின்னா் ஆட்சியமைக்கப் போதிய பெரும்பாண்மை இல்லாத நிலையில் பதவிப் பகிா்வு ஒப்பந்த அடிப்படையில் அரசுக்கு ஆதரவளித்து கிழக்கு மாகாண சபையில் ஆளும் கட்சி ஆட்சியமைக்க முஸ்லிம் காங்கிரஸ் இணங்கியது. இதன் பிரகாரம் முதல் இரண்டு வருடங்கள் ஆளும் கட்சிக்கு வழங்கப்பட்டிருக்கும் முதலமைச்சா் பதவியை முஸ்லிம் காங்கிரஸுக்கு வழங்க வேண்டிய காலம் நெருங்கியுள்ளது.

எதிா்வரும் ஓகஸ்ட் மாதத்தில் முதலமைச்சா் பதவி தமது கட்சி வழங்கப்பட வேண்டும் என்றும் அவ்வாறு முதலமைச்சா் பதவி தரப்படாவிட்டால் ஆட்சிக் கவிழ்ப்பு நடைபெறும் என்றும் ரவுப் ஹகீம் தெரிவித்துள்ளதாக அப்பத்திரிகை செய்தி வெளியிட்டுள்ளது. 

මහ ඇමැතිකම නොදුන්නොත් හකීම් නැඟෙනහිර පෙරළයි  0     March 16, 2014 2:00 am Hits(29) 

ලක්‍ෂ්මී ජයකොඩි

නැඟෙනහිර පළාත් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අතර මීට පෙර ඇතිකරගත් එකඟතාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන අගෝස්තු මාසය වනවිට නැඟෙනහිර පළාත් සභාව සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීන්දු කොට ඇත.

ඒ අනුව ලබන අගෝස්තු මාසය වන විට ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය සිය පක්‍ෂයට ලබා නොදීමට කටයුතු කළහොත් පළාත් සභාවේ ආණ්ඩුවට හිමි බලය පෙරළා දැමීමට මුස්ලිම් කොංග්‍රසය මේ වනවිට තීන්දු කොට තිබේ.

2012 සැප්තැම්බර් මස පැවැති නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පළාත් සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වූ නිසා සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය අතර පළාත් සභාව පිහිටුවීමට සාකච්ඡා ආරම්භ වූ අතර එහිදී යෝජනා වූයේ සභාවේ මහ ඇමැති ධුරය වසර දෙකහමාර බැගින් පක්ෂ දෙකටම හිමි විය යුතු බවය. ඒ අනුව මුල් වසර දෙකහමාර එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, දෙවන වසර දෙකහමාර මුස්ලිම් කොංග්‍රසයටත් වශයෙන් මහ ඇමැති ධුරය ලබා දීමට තීන්දු විය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කැරිණි.

ඒ අනුව මේ වන විට මුස්ලිම් කොංග්‍රසය තීන්දු කොට ඇත්තේ මහ ඇමැති ධුරයේ මුල් වසර දෙකහමාර අවසන් වීමට නියමිත එළැඹෙන අගෝස්තුවේදී නැඟෙනහිර මහ ඇමැති ධුරය සිය පක්‍ෂයට ලබා ගැනීමටය.

යම් හෙයකින් එම අවස්ථාව ලබා නොදීමට ආණ්ඩුව තීන්දු කළහොත් එහි පළමු පියවර වශයෙන් නැඟෙනහිර පළාත් සභාවේ බලය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසය තීන්දු කොට ඇත. ඉන් අනතුරුව එහි දෙවැනි පියවර වශයෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමටද ඔවුන් තීන්දු කොට තිබේ.

මේ සම්බන්ධයෙන් "මව්බිම" පුවත්පත මුස්ලිම් කොංග්‍රයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගෙන් කළ විමසීමකදී ඔහුද තහවුරු කර සිටියේ නැඟෙනහිර පළාත් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ ඇතිකරගත් ගිවිසුම නිසි අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත්, එය එසේ නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් සිය පක්‍ෂය දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවත්ය.

0 comments:

Post a Comment